දේපල මිලදී ගැනීමේ මාර්ගෝපදේශකය

ඔබගේ දේපල කුලියට ලබා දීම


ඔබගේ දේපල කුලියට ලබා දීම සදහා සූදානමි කරන්නේ කෙසේද?


කුලීකරුවෙකු සදහා නිවාසයක් කුලියට ලබා දීමේ දී ඉඩමි හිමියා වශයෙන් ඔබගේ වගකීම වනුයේ අදාල දේපල එහි හොදම තත්ත්වයෙන් පවතින බවට සහතික වීමයි. යමි හානියන් අලුත්වැඩියා කිරීම, බිත්ති නැවත පින්තාරු කිරීම, අනවශ්‍ය දේවල් ඉවත් කිරීම, වටිනා දේවල් ඉවත් කිරීම සහ අදාල දේපල තුළ ඡීවත් වීමට සුදුසු බවට සහතික වීම වේ.

සුදුසු කුලීකරුවෙකු සොයා ගැනීම හා එහි නීතිමය පැතිකඩ (කුලියට දීම එරෙහිව බද්දට දීම)


සුදුසු කුලීකරුවා කවුද පරිපූර්ණ කුලීකරුවෙකු හට පැවතිය යුතු ලක්ෂණයන් මොනවාද යන්න ඉඩමි හිමියා, ඔවුන්ගේ ප්‍රතිපත්තීන් හා සමිමතයන් මත වෙනස් වේ. කෙසේ නමුත් සාමාන්‍යයෙන් දේපලක් සදහා වන පරිපූර්ණ කුලීකරුවා යනුත

  • අපරාධයක් සදහා වරදකරුවෙකු බවට පත් නොවී සිටින පුද්ගලයෙකු
  • හොද ණය ඉතිහාසයක් පවතින පුද්ගලයෙකු
  • ස්ථාවර ආදායමක් හා සේවා නියුක්තියක් පවතින පුද්ගලයෙකු
  • අවංක පුද්ගලයෙකු
  • ගෞරවනීය පුද්ගලයෙකු
  • හොද සන්නිවේදනයෙකු වීම
  • වෙලාවට මුදල් ගෙවීමේ හොද ඉතිහාසයක් පැවතීම

එවැනි කුලීකරුවෙකු සොයා ගැනීමට ඔබ බුද්ධිමත් ලෙස සිතා බැලීම අවශ්‍ය වන අතර එහිදී ඔබගේ දේපල ප්‍රචාරණය කරනු ලබන්නේ කොහේද, කුලීකරුවා තෝරා ගැනීමේ ඔබගේ නිර්ණායකයන් මොනවාද, ඔබගේ කුලීකරුවා පිළිබදව සොයා බැලීම, වෘත්තීමය ඡායාරූප සේවය ලබා ගැනීම, සහ ආකර්ෂණීය හා විශ්වාසය ඇති කරනු ලබන ආකාරයේ ලයිස්තුවක් ඔබගේ දේපල පිළිබදව නිර්මාණය කිරීම.

අපගේ වීඩියෝව වන webinar with entrepreneur and investor Priyanga T. Kumarasiri හරහා සුදුසු කුලියක් නියම කරන්නේ කෙසේද හා ඔබගේ කුලීකරුවා පිළිබදව සොයා බලන්නේ කෙසේද යන්න පිළිබදව වැඩිදුරටත් දැනුවත් වෙන්න.

දේපලක් කුලියට ලබා දීමේදී ඉඩමි හිමියා හා කුලීකරුවා අතර කුලී ගිවිසුමක් ලියා අත්සන් කිරීම අත්‍යවශ්‍ය වන අතර ඒ තුළින් නීතිමය ගැටළු අවම කිරීම හා දෙපාර්ශවය අතර ගැටුමි වලින් තොර සමිබන්ධතාවයක් පවත්වාගෙන යනු ලබන බවට සහතික විය හැකිය. Attorney-at-Law Saminda Jayasekara to learn more about preparing your rental agreement යන වීඩියෝව නරඔා මේ පිළිබදව දැනුවත් වන්න එමෙන්ම නීතීඥ කසුන් කරුණානායක සමඟ අපගේ RealTalk කොටස යන වීඩියෝව නරඔා ඒ තුළින් මෙය වැදගත් වන්නේ කෙසේද යන්න පිළිබදව වැඩිදුර තොරතුරු පිළිබදව දැනුවත් වන්න.

ප්‍රථමයෙන්ම දේපලක් මිලට ගැනීම සිදු කරනු ලබන ගැණුමිකරුවෙකු වශයෙන් ඔබ හට එය සංකීර්ණ සහිත භාවයක් පෙනී යයි. මෙම සමස්ත ක්‍රියාවලියම සිදු කිරීමට ඔබ හට බිය ගැන්වෙන හැගීමක් ඇති කරනු ලබන්නේ නමි LankaPropertyWeb’s Buyer & Seller Assistance program තුළින් මෙම සමස්ත ක්‍රියාවලියේ සෑම අංගයක්ම ආවරණය වන පරිදි ඔබ හට උපකාරී කරනු ලැබේ. ඔබ හට වැඩිදුර තොරතුර ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නමි එහිදී අපගේ Buyer & Seller Assistance පිටුව බලා දැනුවත් වන්න.

If you would like more details or assistance with your requirements, Please CONTACT US


Please enter below any questions or recommendations to improve this article