දේපල මිලදී ගැනීමේ මාර්ගෝපදේශකය

දේපලක් මිලදී ගැනීමට ප්‍රථමව පරික්ෂා කල යුතු කරුණු


ඉඩමක් මිලදී ගැනීමේදී පරික්ෂා කල යුත්තේ මොනවාද ?

ඔබගේ මුදල් හෝ උකස් ණයක් තුළින් ශ්‍රී ලංකාවේදී ඔබ විසින් ඉඩමි මිලදී ගන්නා විටදී ලේඛන ලයිස්තුවක් භාර දීමට පවතින අතර යමි ඇතැමි කාරණාද සලකා බැලීමට සිදු වේ. මෙම දේවල් ඉදිරිපත් කිරීම මගින් ඔබගේ ණය මුදල අනුමත කිරීම, ඔබගේ නාමය යටතේ ඔබගේ ඉඩම ලියාපදිංචි කිරීම, ඔබගේ ඉඩම සදහා අවශ්‍ය සියළුම මූලික පහසුකමි පවතින බවට සහතික වේ. මේ මගින් ඔබගේ ඉදිකිරීම ආරමිභ කිරීම කඩිනමි කිරීම සදහා ඔබගේ ගොඩනැගිලි සැලසුම අනුමත කර ගැනීමට ද උපකාරී වේ.

මෙම ලේඛනයන්ගේ ලයිස්තුවක් පහත දැක්වේ,

  • ණයක් අනුමත කිරීම සදහා වන අවශ්‍යතාවයන්
  • ඉඩමෙන් ඡලය පිටතට යන්නේද නැතහොත් ඒ තුළ රුදෙන්නේද (බෑවුම)
  • අදාල ඉඩම පුරවන ලද එකක්ද නැතහොත් ස්වභාවික එකක්ද
  • වීථි රේඛා සහතිකය, ගොඩනැගිලි රේඛා සහතිකය හා අනුකූලතා සහතිකය ලබා ගැනීම.
  • නොපවරා ගැනීමේ සහ හිමිකමි සහතිකය පරික්ෂා කිරීම (වරිපනමි ගාස්තු නොගෙවීම මත පළාත් පාලන ආයතනය වෙතට අදාල ඉඩම පැවරී ඇත්ද? හෝ පළාත් පාලන ආයතනය මගින් විකුණා ඇත්ද?)
  • ඡල සැපයුම (ඉඩම තුල ළිදක් ඔබ විසින් සැලසුමි කරනු ලබන්නේ නමි අවම වශයෙන් පර්චස් 35ක් අවශ්‍ය වීම)
  • විදුලි සැපයුම (ඉඩමට ආසන්නයේ විදුලි කණුවක් පවතින්නේද)
  • ඉඩමට ආසන්නයේ අධි රුහැන් කමිබි හෝ දුරකථන කණු පැවතීම
  • ඉඩමට ආසන්නයෙන් අධික ප්‍රවේගයෙන් ඡලය ගලා යන්නේද (එසේ පවතින්නේ නමි එය අදාල දේපල වෙතට කාලයක් තිස්සේ බලපානු ලැබිය හැකි බැවින් විකල්ප ඉඩමි කැබැල්ලක් ගැන සලකා බලන්න)
  • දේපල තුල හෝ ඊට ආසන්නව දියපාරක් ගලා ගෙන යන්නේද සහ එම දියපාර රක්ෂිතයක් මගින් ආවරණය වන්නේද (අනුමැතියන් ලබා ගැනීම අදාල පළාත් පාලන ආයතනය හා දියපාරේ ප්‍රමාණය මත වෙනස් වේ.)
  • අදාල දේපල රක්ෂිතයක් අසල පවතින්නේ නමි (ස්වභාවික රක්ෂිතයක සිට හැතපුමක් ඇතුළත සංවර්ධනයක් සිදු කරන විටදී අවසර ලබා ගැනීම අවශ්‍ය වේ.)
  • නිවාස ඉදිකිරීම සඳහා පළාත් පාලන ආයතනය විසින් අවසර දී ඇති අවම භූමි ප්‍රමාණය පරීක්ෂා කරන්න (උදා. නිවසක් තැනීම සඳහා භාවිතා කරන ඉඩමක් වර්ග මීටර් 150 (පර්චස් 6) හෝ ඊට වැඩි විය යුතු බව CMC සඳහන් කරයි)
  • ගොඩ කරනු ලැබූ ඉඩමක් වෙතට හෝ අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයක් වෙතට ආසන්නව අදාල දේපල පිහිටා ඇත්ද?
  • මුල් ඔප්පුවේ පිටපතක් ලබා ගැනීම සහ එය සැබෑ බවට ඔබගේ නීතීඥවරයාගෙන් පරික්ෂා කර ගැනීම
  • පිඔුර පරික්ෂා කිරීම (පළාත් පාලන ආයතනය මගින් අනුමත කර ඇත්දැයි පරික්ෂා කර බැලීම)
  • අවම වශයෙන් වසර 30ක් සදහා වන පැහැදිලි පත්තිරු පරික්ෂා කර බැලීම
  • පළාත් පාලන ආයතනයක් තුළින් අනුකූලතා සහතිකය පරික්ෂා කර බැලීම
  • අසල පිහිටි ඉඩමි තුළින් මාර්ග අයිතිය ඇත්දැයි පරික්ෂා කර බැලීම
  • අදාල ඉඩම තුල පෙරදී වගා කර තිබුනේද (උදා. වී, රබර්) නැතහොත් ඔප්පුව තුල "ඔීවිට","දෙනිය", හෝ "කුඔුර" යනුවෙන් සදහන් කර ඇත්ද එවිට අදාල ඉඩම, වී/අනිකුත් කෘෂිකාර්මික ලයිස්තුවෙන් ඉවත් කොට හෝ එහි නොමැති බවට ගොවිඡන සංවර්ධන දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ඡෙනරාල්වරයාගෙන් අනුමැතියක් ලබා ගැනීම අවශ්‍ය වන බවයි. අදාල අයදුමිපත්‍රය ඔබගේ ප්‍රාදේශීය ගොවිඡන සේවා කාර්යාලය වෙතට භාර දිය යුතු වේ.
  • ඔප්පුවේ සදහන් නාමයන් නිවැරදි නොවන්නේ නමි හෝ එහි අක්ෂරයන්හි වෙනසක් පවතින්නේ නමි එවිට එය වැරදි නිවැරදි කිරීමේ ඔප්පුවක් මගින් නිවැරදි කල හැකිය.
  • ඉඩම වෙරළට යාබදව නම්, වෙන් කිරීමක් තබා ගත යුතුය (CCD වෙන්කිරීම් සහ සීමා කිරීම් ප්‍රදේශ ප්‍රදේශය අනුව 10m සිට 300m දක්වා විහිදේ)

Ehala Holdings (Pvt) Ltd හි ප්‍රධාන විධායක අධ්‍යක්ෂක වන තිලාන් අනුරාධ සමග සිදු කල අපගේ webinar මාලාව තුලින් ඔබගේ ඉදිකිරීමි කටයුතු සදහා ඉඩමි කැබැල්ලක් තෝරා ගැනීමේදී ඔබ විසින් සලකා බැලිය යුතු කරුණු මොනවාද ඔබේ ඉදිකිරීම් සඳහා ඉඩමක් තෝරාගැනීමේදී ඔබ සලකා බැලිය යුතු දේ යන්න පිළිබදව වැඩිදුුරටත් දැනගත හැකි වේ.

ඉඩමක් මිලදී ගැනීමේදී, අදාල ලේඛන ක්‍රියාවලිය පිළිබදව ද ඔබ විසින් සැලකිලිමත් විය යුතු වන්නේ එය අදාල දේපලේ හිමිකම ඔප්පු කිරීම සදහා වඩාත් වැදගත් වන බැවිනි. මේ පිළිබදව වැඩිදුරටත් දැනුවත් වීමට අපගේ වීඩියෝවක් වන නීතීඥ සංජානි ඩී එස් ගමගේ සමග වීඩියෝව නරඔන්න

මහල් නිවාසයක් මිලට ගැනීමේදී පරික්ෂා කල යුතු දෑ

  • සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය තුළ අදාල දේපල ලියාපදිංචි කර ඇති බවට හෝ ඉදිකර අවසන් කොට ඇත්නමි අනූකූලතා සහතිකයක් පවතින්නේ ද යන්න. එය දැනටමත් ඉදිකරමින් පවතින ව්‍යාපෘතියක් වේ නමි එහිදී සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය විසින් නිකුත් කර ඇති තාවකාලික/අර්ධ සහතිකයන් පවතින්නේ ද යන්න.
  • ගොඩනැගිලි සැලැස්මේ යමි දෝෂයක් පවතින්නේද සහ මහල් නිවාසය පවතින්නේ සංවර්ධනකරුගේ වගකීම යටතේද වන බව.
  • ඔබ විසින් ද්විතීයික වෙළඳපොළින් මිලදී ගනු ලබන්නේ නමි පෙර සිටි අයිතිකරුවන්/කුලීකරුවන් විසින් සියළුම ගෙවිය යුතු/හිග මුදල් ගෙවා ඇති බව
  • සේවා හා නඩත්තු කිරීමේ ගාස්තු සහ කළමණාකරණ අධිකාරිය විසින් අදාල දේපල කළමණාකරණය කරනු ලබන්නේ කෙසේද යන්න.
  • පිහිටීම, හා මිල, යනාදී කරුණු.

සමිපූර්ණ කිරීමේ අදියර මත සිට සහාධිපත්‍ය ව්‍යාපෘතිය සහතික කිරීමේ ක්‍රියාවලිය පහත පරිදි රෑප සටහනින් දැක්වේ.

Documents to check before buying an apartment in Sri Lanka

සින්නක්කර හා බදු දේපලක් අනූව ඉදිකිරීම ආරමිඔ කිරීමට ප්‍රථමව හා ආරමිඔ කරනු ලබන කාල වකවානුවේදී සංවර්ධනකරුගෙන් ඉල්ලා සිටිය යුතු ලේඛනයන් පිළිබදව වැඩිදුරටත් දැනුවත් වීම සදහා ප්ලැටිනමි රියල්ටි ඉන්වෙස්ටිමන්ටි හි ප්‍රධාන විධායක අධ්‍යක්ෂක වන කිෂෝ ඩී. රෙඩිඩි සමග සිදු කල අපගේ වීඩියෝව නරඔන්න.

ඔබගේ තේරීම මත අදාල තෝරාගත් දේපල මත සියළුම දේ ඔබ විසින් දැනගත් විගස ඊළග පියවර වන්නේ අනිකුත් පියවරන් සදහා ඔබට සහාය වීම සදහා නිවැරදි හා අත්දැකීමි ලත් නීතීඥවරයෙකුගේ සේවය ලබා ගැනීම වේ.

පරික්ෂා කල යුතු නීතිමය ලේඛණයන් හා අනුමැතියන්

දැනටමත් සකස් කර ඇති දේපලක් සදහා වන හිමිකම හා අයිතිය අවසාන වශයෙන් මාරු කිරීම පැවරුමි ඔප්පුවක් මත සිදු වේ. ඉඩමි කචිචේරියේ දී අදාල දේපලේ හිමිකම මිලදී ගන්නාගේ නාමයෙන් ලියාපදිංචි කිරීම සදහා විකුණුමිකරු විසින් පැවරුමි ඔප්පුව සමග යාවත්කාලීන කරනු ලැබූ පිඔුර ඉදිරිපත් කරනු ලබයි. ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු විසින් අදාල හිමිකමේ වෙනස සදහා නොතාරිස් සහතිකය ලබා දී පැවරුම තහවුරු කරනු ලබයි. මෙහිදී, වෙනත් තුන්වන පාර්ශව ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකුගේ සහභාගිත්වය නොමැතිව විකුණුමිකරුගේ හෝ ගැණුමිකරුගේ නීතීඥවරයා හට ද මෙහි ප්‍රසිද්ධ නොතාරිස් වශයෙන් කටයුතු කල හැකිය.

ගැණුමිකරු වශයෙන්, අදාල පැවරුමි ඔප්පුව අත්සන් කරනු ලබන ස්ථානයේදී ඔබ හට සිටීම අවශ්‍ය නොවේ. නීතීඥවරයා හා සාක්ෂිකරුවන් දෙදෙනා ඉදිරියේ දී විකුණුමිකරු අත්සන් කල යුතු වන අතර අදාල ගණුදෙනු හා ගෙවිය යුතු හිඟ මුදල් හා දේපල නියෝඡිත ගාස්තු හා අනිකුත් ගාස්තු පියවමින් කටයුතු කිරීමට ඔබගේ නියෝඡිත/නීතීඥවරයා හට හැකි වේ. හිමිකමේ වෙනස් වීම පිළිබදව ප්‍රාදේශීය සභාවට හෝ නගර සභාව වෙත දැනුවත් කරමින් ඔබගේ නියෝඡිත/නීතීඥවරයා විසින් ඔබ වෙනුවෙන් අදාල දේපලේ යතුර හා හිමිකමි ලේඛන භාර ගනිමින් පැවරුමි ඔප්පුව ලියාපදිංචිය සදහා කටයුතු කරනු ලැබේ. අවසාන වශයෙන් අදාල ලියාපදිංචිය සමිපූර්ණ වූ විගස ඉඩමි කචිචේරියෙන් ලියාපදිංචි පැවරුමි ඔප්පුව ඔබ විසින් ලබා ගනු ලබයි. කෙසේ නමුත් බිමි සවියෙහි හිමිකමි ලියාපදිංචිය යටතේ පැවරුමි ඔප්පුව අත්සන් කරනු ලබන විටදී විකුණුමිකරු හා ගැණුමිකරු යන දෙදෙනාම එකම ස්ථානයේ එකම වෙලාවේදි එය අත්සන් කල යුතු වේ.

ඉඩමි හා නිවාස සදහා වන වාස්තු විද්‍යාව

සෞභාග්‍යය හා වාසනාව යන කාරණා දෙක මගින් තමන්ගේ නිවස සමිපූර්ණ වීම සියළු දෙනාම අපේක්ෂා කරනු ලබයි. මෙය ළගා කර ගැනීම සදහා, ඉදිකිරීමේ ක්‍රියාවලිය සැලසුමි කිරීමේදී බොහෝ පුද්ගලයන් විසින් විවිධ සංකල්පයන්, විවිධ පිළියෙල කිරීමි, සහ අනිකුත් කාරුණු සැලකිල්ලට ගනු ලබයි.

ආරමිභයේ සිට සිදු කරනු ලබන නිවාසයක් ඉදිකිරීමක දී යොදා ගනු ලබන එවැනි එක් සංකල්පයක් ලෙස වාස්තු දැක්විය හැකිය. ෆෙන් ෂුයි යනු ඔබගේ නිවසට ඔිනෑම වෙලාවකදි අදාල කල හැකි වන එක්තරා භාවිතයන් හා මූලධර්මයන් වේ. වාස්තු ශාස්ත්‍ර ආරමිඔ වූයේ ඉන්දියාවෙන් වන බවත් එයින් අදහස් වනුයේ නිවාස විද්‍යාව වේ. වසර 1500කට අධික ඉතිහාසයක් පවතින වාස්තු ශාස්ත්‍රය යනු ෆෙන් ෂුයි හි ඉන්දියානු අනුවාදය වන බවට සමහර පුද්ගලයන් හදුනා ගනු ලබයි. නක්ෂත්‍රය හා හොද දශාවන් සමග ද මෙම සංකල්පය හට සමිබන්ධතාවයක් පවතී.

ෆෙන් ෂුයි ආරමිඔ වී ඇත්තේ චීනයෙන් වන අතර වාස්තු මෙන්ම එයින් ද ධනාත්මකභාවය පැතිරීම, සෞභාග්‍යය හා වාසනාව රැගෙන ඒම සිදු කරනු ලබයි. කෙසේ නමුත් වාස්තු ශාස්ත්‍ර වාගේ නොව එය පදනමි වී ඇත්තේ යමි පුද්ගලයෙකුගේ අවට පරිසරය සමග එම පුද්ගලයාව සුසංයෝග කිරීමට ශක්ති බලවේගයන් භාවිතා කිරීමේ සංකල්පයක් මත වේ. මෙහි අරමුණ වන්නේ සාමය හා සංතුලිතතාවය සාක්ෂාත් කර ගැනීම වේ.

මෙම සංකල්ප දෙකට අනූව, ඔබ විසින් ඔබගේ නිවස පින්තාරු කිරීමට භාවිතා කරනු ලබන වර්ණයන් හා ගෘහ භාණ්ඩ හා උපකරණ යන සෑම කුඩා සැකසීමක්ම මගින් ඔබගේ නිවසේ සාමාඡිකයන්ගේ සමිබන්ධතාවයට හා ධනාත්මක ශක්තිය කෙරෙහි බලපෑමක් කල හැකිය.

විවිධාකාරයේ වූ වෙනස් භාවිතයන් හා සැකසීමී මෙම ධනාත්මකභාවය ප්‍රවර්ධනය කිරීම සදහා වාස්තු හා ෆෙන් ෂුයි මගින් නිර්දේශ කරනු ලබයි. අපගේ ලිපියක් වන වාස්තු සහ ෆෙන්ෂුයි: ඔබේ නිවසේ ධනය සහ සමෘද්ධිය උපරිම කිරීමට මාර්ග 9 ක් කියවීම මගින් ඔබගේ නිවසේ ධනාත්මක ශක්තිය හා වාසනාව වර්ධනය කිරීමට ඔබට කල හැක්කේ කුමක්ද යන්න පිළිබදව වැඩිදුර දැනුවත් විය හැකිය.

ඔප්පු වර්ග

දේපලක් වෙතට හිමිකම/අයිතිය/භුක්තිය ලබා දෙනු ලබන නීතිමය ලේඛනයක් ඔප්පුවක් ලෙස විස්තර කල හැකිය. දේපලෙහි හිමිකම/භුක්තිය පවරනු ලබන ආකාරයන් මත විවිධාකාරයේ ඔප්පු වර්ග ඇත.

  • පැවරුමි ඔප්පුව

එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකු වෙතට දේපලක් පවරනු ලබන විටදී යොදා ගනු ලබන ඔප්පු වර්ගයක් වේ. විකුණුමි මිල/ප්‍රතිෂ්ඨාව, පැවරුමිකරු වෙතට හිමිකම ලබා දුන් පෙර වූ ඔප්පුව පිළිබද විස්තර, පැවරුමිකරුගේ හා පැවරුමිලාභියාගේ නාමයන්, ලිපිනයන්, හා ඡාතික හැදුනුමිපත්‍ර අංකයන් යන ආකාරයේ තොරතුරු මෙම ලියවිල්ලේ අන්තර්ගත වේ. මෙහිදී පැවරුමිකරු විසින් සාක්ෂිකරුවන් දෙදෙනෙකු හා නොතාරිස්වරයා ඉදිරියේ අත්සන් කොට එයට සාක්ෂිකරුවන් දෙදෙනාගේ අත්සන සහිතව නොතාරිස්වරයා විසින් සහතික කරනු ලැබූ විගස පැවරුමිලාභියා විසින් අදාල දේපලෙහි හිමිකම ලබා ගනු ලබයි.

  • තෑගි ඔප්පුව

මෙය, මූල්‍ය ප්‍රතිෂ්ඨාවක් නොමැතිව දේපලක හිමිකම වෙනත් පුද්ගලයෙකු වෙතට මාරු කිරීම සදහා භාවිතා කරනු ලබන ලේඛනයක් වේ. ඡීවිත භුක්තිය සහිතව හෝ රහිතව සහ අවලංගු කිරීමේ අයිතිය සහිතව හෝ රහිතව මෙය සකස් කරනු ලබයි.

  • හුවමාරු ඔප්පුව

දේපල ගණුදෙනු කරනු ලබන පාර්ශවයන් අතර හුවමාරු කිරීම සදහා දේපල හිමිකරුවන් අතර ලියාපදිංචි කරනු ලබන ඔප්පු වර්ගයක් ලෙස හුවමාරු ඔප්පු හැදින්විය හැකිය. පාර්ශවයන් අතර මුදල් හුවමාරුවක් නොමැති බැවින් සාමිප්‍රදායික දේපල විකිණීමකින් මෙම ගණුදෙනුව වෙනස් වේ.

  • ප්‍රකාශන ඔප්පුව

දේපලෙහි හිමිකමි අයිතීන් නීත්‍යානුකූලව ප්‍රකාශයට පත් කිරීමට හෝ ඒ සදහා හිමිකමි පෑමට ප්‍රකාශන ඔප්පුවක් ලියා අත්සන් කල යුතු වේ. මෙම ලේඛනය ලියා අත්සන් කිරීමේ අරමුණ වනුයේ අදාල පුද්ගලයා වෙතට යමි දේපලක් සමිබන්ධයෙන් අවුරුදු 10කට වැඩි අඛණ්ඩ හා සාමකාමී භුක්තියක් පවතින බවට ප්‍රකාශයට පත් කර ගැනීම තුළින් ඔහු/ඇය හට කාලාවරෝධී හිමිකම කෙරෙහි හිමිකමි පෑ හැකිය. නමුත් ප්‍රකාශනකරුගේ දේපලෙහි භුක්තිය සනාථ කිරීම නොතාරිස්වරයා හට ප්‍රායෝගිකව අසමිභාව්‍ය වේ. මේ නිසා යමි දේපලක භුක්තිය සමිබන්ධ කාල පරිච්ඡේදය සමිබන්ධ තොරතුරු සදහන් කරමින් දිවිරුමි ප්‍රකාශයක් නොතාරිස්වරයා විසින් ලබා ගැනීම මීට පූර්වෝපායක් වශයෙන් නිර්දේශ කරනු ලැබේ.

යමි පුද්ගලයෙකු අවසන් කැමති පත්‍රයක් නොමැතිව මිය යන්නේ නමි එහිදි ද ප්‍රකාශන ඔප්පුවක් ලියා අත්සන් කල හැකිය. මෙහිදී නියම අයිතිකරුවන් අතරේ අදාල දේපල බෙදීම සදහා මෙම ඔප්පුව ලියා අත්සන් කිරීමෙන් හිමිකම කෙරෙහි අයිතිය කියා පෑමට හෝ අර්ථලාභීන් වශයෙන් ඔවුන්ගේ අයිතීන් ප්‍රකාශයට පත් කිරීමට හැකිය.

  • රාඡ්‍ය ප්‍රදානයන්

ශ්‍රී ලංකාවේ ඔීනෑම පුරවැසියෙකු වෙතට රඡයේ ඉඩමක් ප්‍රදානය කිරීමට 1979හි අංක 43 දරණ ඉඩමි ප්‍රදානය කිරීමේ (විශේෂ විධිවිධාන) පනත ප්‍රාකාරව ඡනාධිපතිවරයා හට බලය ඇත.

  • අවසන් කැමති පත්‍රය

මරණයින් පසුව ඔහුගේ/ඇයගේ දේපල බෙදා හැරිය යුත්තේ කෙසේද යන්න සිදු කරනු ලබන ප්‍රකාශනය, අවසන් කැමති පත්‍රයක් වශයෙන් හදුන්වනු ලබයි. අන්තිම කැමතිකරු මියගිය පසුව අනුප්‍රාප්තික නීතිය සමිබන්ධයෙන් වන සියළුම නීතීන් මෙම ලේඛනයෙන් මගින් අභිබවා යනු ලබයි.

  • කොඩිසිලය

අවසන් කැමති පත්‍රයට පරිපූරක ලේඛනයක් වශයෙන් මෙය දැක්විය හැකිය. අවසන් කැමති පත්‍රයේ සදහන් කර ඇති අන්තර්ගතය වෙතට වෙනස් කිරීමි හෝ එකතු කිරීමි මේ මගින් දක්වනු ලබයි.

ඔප්පු සමිබන්ධව වැඩිදුරටත් දැනුවත් වීම සදහා අපගේ ලිපියක් වන ශ්‍රී ලංකාවේ ඔප්පු වර්ග (…….) කියවා බලන්න


වංචාවන්ගෙන් වැළකී සිටින්නේ කෙසේද ?

ඔිනෑම කර්මාන්තයක පවතින වංචාවන් වැළැක්විය නොහැකි වේ. විකුණුමිකරුවන් හා ගැණුමිකරුවන් හට මෙම කර්මාන්තය පිළිබදව දැනුම හා තොරතුරු මදිකම පවතින බැවින් ශ්‍රී ලංකාවේ ඉඩකඩමි සමිබන්ධව වන වංචාවන් විශේෂයෙන්ම ඉතාමත් ඉහල අගයක් ගනු ලබයි.

ව්‍යාඡ මුදල් මාරු කිරීමක් සදහා වන සරල දුරකථන ඇමතුමක් මගින් ආරමිඔ කොට ඔප්පු වල නාමයන් වෙනස් කිරීම, හා වංචනික ඔප්පු සකස් කිරීම වැනි විවිධ වර්ගයේ දේපල සමිබන්ධ වංචාවන් දැක්විය හැකිය. දේපල සමිබන්ධව විශ්වාස තැබිය හැකි නියෝඡිතවරයෙකු සමග කටයුතු කිරීම මගින් හෝ දේපල මිලට ගැනීම සදහා බැංකු ණයක් ලබා ගැනීම සමිබන්ධව කටයුතු කිරීම මගින් හෝ දැනුමැති නීතීඥවරයෙකුගේ සහාය ලබා ගැනීම මගින් මෙවැනි වංචාවන් වලට ඔබව හසු වීමෙන් වළක්වා ගත හැකිය.

දේපල වංචා ගැන ඔබ දැනගත යුතු සියල්ල සහ ඒවා වළක්වා ගන්නේ කෙසේද යන අපගේ ලිපිය තුළින් මෙවැනි වංචාවන් වෙතට හසු වීමෙන් වැළැකී සිටින්නේ කෙසේද යන්න ඔබ හට වැඩිදුරටත් දැනගත හැකි වේ.

දේපලෙහි වටිනාකම තක්සේරු කර ගැනීම

දේපලක ස්ථානය, තත්ත්වය, හා අනිකුත් සාධක මත පදනමිව ඔබගේ දේපලෙහි වටිනාකම තීරණය කිරීම සදහා දේපල තක්සේරු කිරීම උපකාරී වේ. දේපල තක්සේරුව සිදු කරනු ලබන්නේ වෘත්තීය තක්සේරුකරුවෙකු වන බවත් ඔබ විසින් එය යමි දිනයකදී විකිණීමට සිතනු ලබන්නේ නමි එහිදී ඔහු විසින් සකස් කරනු ලබන වාර්තාව භාවිතා කරමින් විකුණුමි මිල තීරණය කල හැකි වන බවයි. ප්‍රොබේටි බලපත්‍රයක් මත කටයුතු කරන විටදී හෝ වෙනත් හවුල්කරුවෙකුගෙන් වෙන් කිරීමට යාමේදී අදාල වන මූල්‍ය බෙදීමක් තීරණය කිරීම සදහා ද තක්සේරු කිරීම උපකාරී වේ.

කෙසේ වෙතත් තක්සේරුව සමග ඔබ විසින් දැනුවත් විය යුතු කාරණාවන් වනුයේත

  • ස්ථානයෙන් ආරමිභ වී එහි ලක්ෂණයන්, ප්‍රමාණයන් යන විවිධ සාධක අනූව දේපලෙහි වටිනාකම වෙනස් වන බැවින් ස්ථාවර මිලක් නියම කිරීමට අපහසු වේ.
  • අදාල ප්‍රදේශයේ දේපල කෙරෙහි පවතින ඉල්ලුම හා සැපයුම ද සාමාන්‍යයෙන් දේපලක තක්සේරු වටිනාකම සදහා බලපානු ලබයි.

ඔබගේ දේපල සදහා හොදම දේපල තක්සේරු වටිනාකම ලබා ගැනීම සදහා ගැනුම්කරු සහ විකුණුම් සහායක සේවාව program එක හරහා LankaPropertyWeb සමිබන්ධ කර ගන්න.

දේපලක් මිලදී ගැනීමේ දී මුහුණ පෑමට සිදුවන කරදරයන් ඉවත් කිරීම "Buyer and Seller Services" මගින් සිදු කරන්නේ කෙසේද ?

ප්‍රථම වරට නිවාස මිලට ගනු ලබන ගැණුමිකරුවන්ට, විකුණනු ලබන විකුණුමිකරුවන්ට හා ඉඩමි හිමියන්ට දේපල මිලට ගැනීම, විකිණීම හා කුලියට දීමේ ක්‍රියාවලිය පහසු කරවීමට LankaPropertyWeb මගින් ගැනුම්කරු සහ විකුණුම් සහායක සේවාව දියත් කර ඇත. වෘත්තීය මිනින්දෝරුවරුන් හරහා දේපල තක්සේරු කිරීම, නීතීඥවරුන් හරහා නීතිමය සහාය, ලේඛන සකස් කිරීම හා ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය සදහා වන සහාය (ඔප්පු හෝ කුලී ගිවිසුමි), උකස් සමිබන්ධ උපදෙස්, බදු ගෙවීමි, වෙළඳපොළ පර්යේෂණ හා උපදෙස්, පුද්ගලික සහාය සහ භාණ්ඩ රැගෙන යාමේ සේවය, රක්ෂණය, ඡායාරූප සේවය වැනි අනිකුත් සේවා ද මෙම ගැනුම්කරු සහ විකුණුම් සහායක සේවාව හරහා ලබා දෙනු ලබයි.

අපගේ විශේෂඥයන් හරහා කටයුතු කිරීමෙන් දේපල ගණුදෙනු වලදී ඔබට මුහුණ පෑමට සිදු වන කරදර ඉවත් කරමින් ඔබගේ දේපල ගණුදෙනු සදහා ගත වන කාලය ඔබට ඉතිරි කර දෙනු ලබයි. ගැනුම්කරු සහ විකුණුම් සහායක සේවාව හරහා දේපල මිලට ගැනීම හෝ විකිණීම සදහා වන කරදර ඉවත් කිරීම සිදු කරන්නේ කෙසේද යන්න පිළිබදව වැඩිදුරටත් දැනුවත් වීම සදහා මේ මත ක්ලික් ජකසජනසබට යැරු කිරීමෙන් අපව සමිබන්ධ කර ගන්න.

If you would like more details or assistance with your requirements, Please CONTACT US


Please enter below any questions or recommendations to improve this article