දේපල මිලදී ගැනීමේ මාර්ගෝපදේශකය

මිලදී ගැනීම සදහා අරමුදල් සපයා ගැනීම


හොදම නිවාස ණය අනුපාත සොයා ගැනීම

ඔබගේ සිහින නිවාසය මිලට ගැනීම සදහා ඔබ හට අවශ්‍ය අරමුදල් නොමැති නමි එහිදී හොදම විකල්පය වනුයේ නිවාස ණයක් සදහා අයදුමි කිරීම වේ. ඔබ කිසිදු වංචාවකට හසු නොවන බවට සහතික කිරීම සදහා ආරක්ෂිතම වරණයක් වනුයේ මෙයයි. මෙරට ඡාතිකයන් හෝ ශ්‍රී ලාංකික විදේශිකයන් සදහා මෙසේ අරමුදල් සැපයීමට විවිධ වර්ගයේ නිවාස ණය යෝඡනා ක්‍රමයන් මෙරට වාණිඡ බැංකු විසින් පිරිනමනු ලබයි. ආපසු ගෙවීමේ කාලය, ආපසු ගෙවීමේ කොන්දේසි, වෘත්තිය, වටිනාකම යනාදි කරුණු මත පදනමිව ඒවා වර්ගීකරණය කරනු ලබයි. මෑත කාලීන නිවාස ණය අනුපාතිකයන් ඔබ විසින් සංසන්දනය කොට ඔබ හට හොදම අනුපාතිකය තීරණය කල හැකිය. නිවාස ණය ගණක යන්ත්‍රය ද භාවිතා කරමින් ඔබගේ මාසික ආපසු ගෙවීම සොයා ගැනීම.

නිවාස ණය ලබා ගන්නේ කෙසේද ?

විවිධ වාණිඡ බැංකු හා මූල්‍ය ආයතන විසින් ශ්‍රී ලංකාවේ නිවාස ණය ලබා දෙනු ලබයි. සමහර ණය අවම වශයෙන් දින තුනක් ඇතුළතදී අනුමත කරනු ලබන අතර අනිකුත් ණය සදහා සතියක් හෝ ඊට වැඩි කාලයක් ගත වේ. කෙසේ නමුත් ණයක් ලබා ගැනීම සදහා කටයුතු කිරීfමීදි පොලී අනුපාතිකයන්, ආපසු ගෙවීමේ මාසික වටිනාකමි, බැංකු ගාස්තු, හා අනිකුත් කරුණු සැලකිල්ලට ගත යුතු වේ.

උකස් ණයක් ලබා ගැනීමේදී ඔබ විසින් අවධානයට ලක් කල යුතු කාරණාවන් පිළිබදව වැඩිදුරටත් දැනුවත් වීම සදහා අපගේ ලිපියක් වන 16 vital facts you need to know before applying for a housing loan. කියවා බලන්න.

නිවාස ණයක් ඉල්ලුමි කිරීම සදහා අවශ්‍ය වන ලේඛන/තොරතුරු පහත පරිදි දැක්වේ.

  • ආදායමි පිළිබද විස්තර
  • හිමිකමි ඔප්පු, පත්තිරු, අනුමැතිය ලත් පිඔුර (පසුගිය වසර 10 ඇතුළත සකස් කරනු ලැබූ)
  • ප්‍රාදේශිය අධිකාරියෙන් ලබා ගනු ලැබූ නොපවරා ගැනීමේ, හිමිකමි, වීථි රේඛා, ගොඩනැගිලි රේඛා සහතිකයන්
  • ප්‍රාදේශී අධිකාරියෙන් ලබා ගත් පසුගිය කාර්තුව සදහා වන බදු කුවිතාන්සිය හා වරිපණමි සහතිකය
  • ප්‍රමාණ පත්‍රයන් :ඊධූ* (ගෙයක් ඉදිකරනු ලබන්නේ නමි)
  • අනුමත කරන ලද මහල් නිවාස සැලසුම, ත්‍රෛපාර්ශවීය ගිවිසුම හා බැංකුව වෙතට වාසි සහගතව සකස් කරනු ලැබූ ඇටෝර්නි බලකරය (මහල් නිවාසයක් මිලදී ගනු ලබන්නේ නමි)
  • ඡාතික හැදුනුමිපත හෝ විදේශ ගමන් බලපත්‍රයෙහි පිටපතක්
  • පසුගිය මාස තුනක කාලයක් සදහා වන වැටුප් ගෙවීමි තුණ්ඩු
  • ඔබගේ තොරතුරු තහවුරු කරමින් ඔබගේ සේවායෝඡකයා විසින් ලබා දෙන ලද ලිපිය
  • පසුගිය මාස තුනක කාල වකවානුව තුලදී වැටුප් ප්‍රේෂණය කරනු ලැබූ බැංකු ගිණුමි ප්‍රකාශනය
  • ඔබට වර්තමානයේ දි පවතින අනිකුත් ණය සමිබන්ධ විස්තරள்
  • විවාහ සහතිකය (හවුල් අයිතිකරුවන් සදහා)

ඔබගේ ණය අනුමත වූ විගස සිදු වන්නේ කුමක්ද ?

බැංකුව විසින් ඔබගේ උකස් ණය අයදුමි පත්‍රය අනුමත කල පසුව ඔබ වෙතට දෙනු ලබන අනුමත කල ණය මුදල ප්‍රදානය කිරීමට ප්‍රථමව අවශ්‍ය වන වෙනත් ලේඛනයන් ද ඔවුන්ට වෙතට ලබා දීම අවශ්‍ය වේ.

  • උකස් ගිවිසුම

නීතීඥවරයෙකුගේ සහතිකය සමග උකස් ගිවිසුම අත්සන් කරනු ලබන්නේ එහි අව්‍යාඡත්වය තහවුරු කිරීම සදහා වේ.

  • ණයකරුවාගේ ඡීවිතය සදහා සිදු කරනු ලබන රක්ෂණය

මරණයකදී සිදු වන අවධානම අවම කර ගැනීම සදහා ණයකරුගේ ඡීවිතය සදහා වන රක්ෂණයක් බැංකුවට අවශ්‍ය වේ.

  • හිමිකම මත සිදු කරනු ලබන රක්ෂණය

දේපලක හිමිකම මත ගැටළු හෝ අවිනිශ්චිතතාවයන් පවතිනු ලබන විටදී ඒවා ඉවත් කිරීමට ණයකරු විසින් කටයුතු නොකර ඇති අවස්ථාවකදී බැංකුව විසින් එම දේපලේ හිමිකම මත රක්ෂණයක් ද ඉල්ලා සිටිනු ලබයි.

  • දේපල මත සිදු කරනු ලබන රක්ෂණය

දැනටමත් ඉදිකර අවසන් කොට ඇති ගොඩනැගිල්ලක් සමග වන දේපලක් සදහා උකස් ණයක් ලබා ගැනීමේදී එම ගොඩනැගිල්ල රක්ෂණය කොට ලබා ගත් ලේඛනයන් ද ඉදිරිපත් කල යුතු වේ.

  • බැංකුවේ නියමයන් හා කොන්දේසි

බැංකුව විසින් එහි නියමයන් හා කොන්දේසි සමග ඉදිරිපත් කරනු ලබන ලේඛනය අත්සන් කල යුතු වේ.

If you would like more details or assistance with your requirements, Please CONTACT US


Please enter below any questions or recommendations to improve this article